ලසිත් මාලිංග විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදෙයි

මෙරටින් බිහි වූ සුපිරි වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග විස්සයි විස්ස ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව අද ප්‍රකාශයට පත් කළා.

ඒ සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කරමින්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඔහු මීට පෙර ටෙස්ට් හා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දී තිබූ නමුත් විස්සයි විස්ස පිටියට සමු දී තිබුණේ නැහැ.

ලබන මාසයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය පසුගිය දා නම් කෙරුණු අතර ඊට මාලිංග එක් කර නොතිබූ අතර ඉන් අනතුරුවයි ඔහු විසින් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදෙන බවට අද ප්‍රකාශයට පත් කළේ.

විස්සයි විස්ස තරග 84කට ක්‍රීඩා කර ඇති ලසිත් මාලිංග දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 107ක්.

අයි.පී.එල්. තරග 122කට ඔහු ක්‍රීඩා කර ඇති අතර එහිදී කඩුලු 170ක් ඔහු විසින් බිද හෙලා තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පිට පිට පන්දු 4ක් තුළදී කඩුලු 4ක් අවස්ථා දෙකකදී දවා ගත් ලොව එකම පන්දු යවන්නා වන්නේ ද ලසිත් මාලිංගයි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් ලසිත් මාලිංග සිය යූ ටියුබ් චැනලයට වීඩියෝවක් එක් කරමින් සිය ස්තූතිය පළ කර සිටියා.