ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වෙයි…
ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ සම්බන්ධයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදී ඇත.
මෑතකදී බන්ධනාගාරවලට ඇතුළු වී කරන ලද කටයුතු සම්බන්ධයෙන් එල්ල වන චෝදනා මත ඔහු මෙම ඉල්ලා අස්වීම සිදුකර ඇතැයිද වාර්තා වෙයි.