එජාප නායක රනිල් ඇතුලු පිරිසකට වාරණ නියෝගයක්

එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන මන්ත්‍රීවරු 21 දෙනෙකු පක්ෂයෙන් නෙරපා හැරිම හේතුවෙන් මතුවන පුරප්පාඩු සඳහා වෙනත් අය නම් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
අදාළ මන්ත්‍රීවරු පිරිස විසින් ඉදිරිපත් කළ පැමිණිලි සලකා බැලීමෙන් පසුව ලබන 29 වනදා තෙක් බලපැවැත්වෙන පරිදි කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ විසින් අදාළ වාරණ නියෝගය නිකුත් කළා.
මෙහි වගඋත්තරකැවන් ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, එම පක්ෂයේ විනය කමිටුවේ ලේකම් සමින්ද ජයසේකර නම් කර තිබුණා.