බන්ධනාගාරයේ සිද්ධියට ඇමතිත් , නිළධාරීනුත් වගකියන්න ඕන – සේනක පෙරේරා (video)
වැලිකඩ බන්ධනාගාරයේ සහ අනුරාධපුර බන්ධනාගාරයේ සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා මෙහෙයුමක් දියත්වෙමින් තිබෙන බව නීතිඥ සේනක පෙරේරා මහතා පවසනවා. අනුරාධපුර බන්ධනාගාරයේ සිදුවීමට අදාල CCTV දර්ශන මකා දැමීමේ උත්සාහයක් පිළිබඳව වාර්තා වී ඇති බවයි නීතිඥවරයා සඳහන් කරන්නේ.
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී සේනක පෙරේරා මහතා මේ බව සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ පලියට ඇමතිවරයෙකු වූ පලියට බන්ධනාගාර වැනි ස්ථානවල මෙවැනි ආකරයෙන් බීමත්ව හැසිරීමට ඔහුට කිසිදු අයිතියක් නොමැති බවද නීතිඥවරයා සඳහන් කරනවා.
බන්ධනාගාරයේ සිරකරුවන් රඳවා සිටින ස්ථානවලට පිටස්තර පුද්ගලයන්ට තබා බන්ධනාගර නිළධාරීන්ට පවා ගිනි අවි සහිතව ඇතුළු විය නොහැකි බව පෙන්වා දෙන සේනක පෙරේරා මහතා පවසන්නේ එසේ තිබියදී ගිනිඅවි සහිතව, බීමත්ව ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමතිවරයා සිරකරුවන් සිටින ස්ථාවලට ඇතුළු වූයේ කෙසේදැයි විමසා සිටිනවා. මේ සම්බන්ධයෙන් ඇමතිවරයා පමණක් නොව බන්ධනාගාර නිළධාරීන්ද වගකිව යුතු බවත් ඔවුන් සම්බන්ධයෙන්ද නීතිය ක්‍රියාත්මක වියයුතු බවත් සේනක පෙරේරා මහතා අවධාරණය කරනවා.