සත්ත්ව ආහාර ද අත්‍යාවශ්‍ය ආහාර ලෙස ප්‍රකාශයට පත් කරයි

සත්ත්ව ආහාර ද අත්‍යාවශ්‍ය ආහාර ලෙස ප්‍රකාශයට පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි මෙම පියවර ගෙන ඇත්තේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

සත්ත්ව ආහාර මිල ඉහළ යාම නිසා සත්ත්ව පාලනයේ නියුතු ගොවීන් බලවත් අපහසුතාවට පත්ව තිබීම මෙම තීරණයට හේතුව බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.