ඇඳිරිනීතිය ඔක්තෝම්බර් 01 දක්වා දීර්ඝ කරයි!

දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන ඔක්තෝම්බර් 01 වැනිදා පෙරවරු 4.00 දක්වා දීර්ඝ කිරීමට අද (17) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී තීරණය කර තිබේ.
ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක මහතා ට්විටර් පනිවුඩයක් නිකුත්කරමින් මේ බව කියා සිටී.