ලයිසන් තුවක්කුවකින් වෙඩි තිබ්බොත් මැරෙන්නේ නැද්ද? ආණ්ඩුවේම අය රට විනාශ කරනවා! – සුනිල් හදුන්නෙත්ති (VIDEO)

ලොහාන් රත්වත්ත මහතා බන්ධනාගාරයට රැගෙන ගොස් ඇත්තේ ලයිසන් තුවක්කුවක් බව ආණ්ඩුවේ ඇතමුන් පවසන බවත්, ලයිසන් තුවක්කු යැයි කියා වෙඩි තිබ්බොත් මියයන්නේ නැතිදැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රශ්න කර සිටියේය.
ආණ්ඩුවේ ඇමැතිවරුන් රට විනාශ කරමින් සිටින බවත්, ජිනීවා මානව හිමිකම් කොමිසම පැවැත්වෙන මේ මොහොතේ රට ජාත්‍යන්තරය හමුවේ අසීරුතාවට පත් කරන බවත් ඒ මහතා කියා සිටියේය.