කොවිඩ්වලට එරෙහිව සුපිරි ප්‍රතිදේහයක් මිනිස් සිරුරෙන්ම
කොවිඩ් 19 වෛරසයට එරෙහිව සුපිරි ප්‍රතිශක්තියක් සහිත දෙමුහුන් ප්‍රතිශක්තීකරණයක් මේ වනවිට ලොව ඇතැම් පුද්ගලයන් තුළ බහුලව වර්ධනය වෙමින් ඇති බව ඇමරිකානු පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඇමරිකාවේ රොකෆෙලර් සරසවිය කොරෝනා වෛරසය වැළදී පසුව සුවය ලබා කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාගත් පුද්ගලයන් යොදා ගනිමින් මෙම පර්යේෂණය සිදුකර තිබෙනවා.
මෙම සුපිරි ප්‍රතිදේහය පරිණාමනය වී ව්‍යාප්ත වීමත් සමඟ කොවිඩ් වෛරසය ද සාමාන්‍ය උණ, සෙම්ප්‍රතිශ්‍යාව මට්ටමට පත් වනු ඇති බවයි එම සරසවියේ වෛරසවේදී පොල් බිනියාස් ප්‍රකාශ කළේ.