සෝමාවතිය වනෝද්‍යානයේ දඩයමේ ගිය හිටපු මන්ත්‍රී සිඩ්නි ජයරත්න ඇතුලු 15ක් අත්අඩංගුවට

පොළොන්නරුව – සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ දඩයමේ ගිය පොළොන්නරුව දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න ඇතුලු 15 දෙනෙකු පොළොන්නරුව වනජීවී වැටලීම් ඒකකය මගින් සිදුකළ විශේෂ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජාතික වනෝද්‍යානයේ ගල්රැන්ද ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තාවන්නේ.
පෙරේදා මෙම පිරිස සෝමාවතිය ජාතික වනෝද්‍යානයට ඇතුලුවී ඇති අතර, පසුව ඔවුන් එහි කූඩාරම් ගසා රාත්‍රිය ගතකර තිබෙනවා.
ඊයේ පස්වරුවේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් පැමිණි යතුරුපැදි 8 ක්ද වනජීවී භාරයට ගෙන තිබෙනවා.
පසුව අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න ඇතුලු පිරිස පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමට කටයුතු කළා.