කොරෝනා නිසා ජාතික ජලසම්පාදන මණ්ඩලයට මිලියන 8,000ක ආදායම් අහිමිවීමක්

කොරෝනා තත්ත්වය හේතුවෙන් ජාතික ජල සම්පාදන මණ්ඩලයට රුපියල් මිලියන 8000ක ආදායමක් අහිමි වී තිබෙනවා.
ඒ, මෙම වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා වන කාලසීමාවට අදාළවයි.
සංචරණ සීමා සහ කොරෝනා තත්ත්වය හේතුවෙන් පාරිභෝගිකයින්ට සිය ජල බිල්පත් ගෙවා ගැනීමට නොහැකි වීම ඊට හේතු වී ඇති බව ජල සම්පාදන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම ප්‍රකාශ කළා.