අභ්‍යවකාශ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළ සංචාරකයන් තුන්දින සංචාරය නිම කරයි
අභ්‍යවකාශ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් පසුගිය බ්‍රහස්පතින්දා උඩු ගුවන්ගතවූ සංචාරකයින් සිව් දෙනා අද අලුයම සිය තුන්දින සංචාරය නිමා කළා.
ඔවුන් ෆ්ලොරිඩාහි කැනවරල් තුඩුව ආසන්නයේ අත්ලන්තික් සාගරයට පැරෂුට් මඟින් ගොඩබැස්සේ අද අලුයමයි.
ස්පේස් එක්ස් අභ්‍යාවකාශ ව්‍යාපෘතියේ පළමු පූර්ණ සංචාරක අභ්‍යාවකාශ චාරිකාව ලෙස ඉතිහාසයට එක්වෙමින් අමෙරිකානුවන් සිව්දෙනෙක් බ්‍රහස්පතින්දා අලුයම ගුවන්ගත වුණා.
පෘතුවියට කිලෝ මීටර් 575ක් ඉහළින් සෑම විනාඩි 90කටම වරක් ඔවුන් පෘතුවිය වටා ගමන් කළා.
මෙම සංචාරකයින් සිව් දෙනා අමෙරිකාවේ කෝටිපති ව්යාපාරිකයෙකුල වෛද්‍ය වෘත්තිකයෙකු ඇතුළු විවිධ වෘත්තින්ට අයත් වන නමුත් ඔවුන් අතරින් කිසිවෙකු වෘත්තිය ගගනගාමීන් නොවේ.
සංචාරයට එක්ව සිටි අමෙරිකාවේ ශාන්ත ජූඩ් පිළිකා රෝහලේ වෛද්‍ය සහයකයෙකු උඩු ගුවනේ සිට එම රෝහලේ රෝගීන් සමඟ සංවාදයකටද එක්වුණා.
අභ්‍යාවකාශගත වූ ලාබාලතම අමෙරිකානුවා ලෙස සැලකෙන 29 හැවිරිදි හේලි ආසෙනොක්ස් පිළිකා රෝගයක් හේතුවෙන් ශාන්ත ජූඩ් රෝහලේ කලක් ප්‍රතිකාර ලැබීමත් විශේෂත්වයක්.
සිය තුන්දින සංචාරය නිමාකරමින් ඔවුන් අද පෙරවරුවේ අත්ලන්තික් සාගරය වෙත ගොඩබසිනු ලැබුවා.