තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

තවත් ඇමෙරිකානු ෆයිසර් එන්නත් මාත්‍රා 73,000ක් දිවයිනට රැගෙනවිත් තිබෙනවා.
භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් අද අලුයම මෙම එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ වාර්තාකරු ප්‍රකාශ කළේ.
නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට, කිලෝග්‍රෑම් 445 ක් බරැති මෙම එන්නත් තොගය කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගුවන් මගින් ගෙනඒමෙන් අනතුරුව කටාර් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන යානයකින් දිවයිනට ගෙනඑනු ලැබුවා.
මෙම එන්නත් තොගය, ගුවන් යානයෙන් ගොඩබෑමෙන් අනතුරුව ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කර ඉන්පසුව අධිශීතකරණ ලොරි රථ මගින් කොළඹ පිහිටි ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යාමට පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.