වෛද්‍ය ඒලියන්ත වයිට් කොරෝනා ආසාදනය වී මිය යයි..

වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා අභාවප‍්‍රාත්ත වී තිබේ.

ඒ මහතා කොරෝනා ආසාදනය වීමෙන් අසාධ්‍ය වී කොලඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එවකට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුලු ඇමතිවරුන් කිහිප දෙනෙකු සමග මෙරට ප්‍රධාන ගංගාවලට පැන් මුට්ටි අතහැරීම හරහා කොවිඩ් මර්දනයට දායකත්වය දැක්වූයේද ඒලියන්ත වයිට් වෛද්‍යවරයායි.

කුණ්ඩලිනී ශක්තිය පිළිබඳව දැඩි විස්වාසයකින් කටයුතු කළ ඒලියන්ත වයිට් මහතා කිසිදු කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාගෙන නොතිබූ බවයි පසුගිය දිනවල වාර්තා වූයේ.

කොවිඩ් මාරයා පරාජය කිරීමෙන් ඉන්දියාවේ පවා පතළ වූ මෙම වෛද්‍යවරයා අවසානයේදී කොවිඩ් මාරයා හමුවේ පරාජය වෙයි