ඉන්දියාවේ දේශපාලන වේදිකාවද ආක්රමණය කළ මැණිකේ මගේ හිතේ (Video)
යොහානි සිල්වා ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතය මේ වනවිට ඉන්දියාව හරහා ගොස් ඇමරිකාව ඇතුළු බටහිර රටවලින්ද ඇසෙන්නට පටන්ගෙන තිබෙනවා. එම ගීතයේ ඔරිජිනල් වීඩියෝවේ නැරඹුම් ප්රමාණය මේ වනවිට කෝටි 12 ඉක්මවා තිබෙනවා. එපමණක් නොව එම ගීතය ඉන්දියාව පුරා විවිධ භාෂාවලට අනුවර්තනය වී තිබේ.
මෙහි ප්රතිඵලයක් ලෙස යොහානිට ඉන්දියාවේ සංගීත ප්රසංග දෙකක් පැවැත්වීම සඳහා ආරාධනා ලැබී තිබෙනවා. ඒ ඉන්දියාවේ සී එන්ටර්ටේන්මන්ට් ආයතනයෙන් ලැබුණු ආරාධනාවක් අනුවයි.
අලුත්ම පුවත පන්නේ යොහානිගේ ගීතය ඉන්දීය දේශපාලන වේදිකාවද ආක්රමණය කර තිබීමයි.
බටහිර බෙංගාලයේ මහ ඇමතිනිය වන මම්තා බැනර්ජි සිය මැතිවරණ කටයුතු සඳහා මැණිකේ මගේ හිතේ ගීතයේ බෙංගාල අනුවර්තනයක් නිර්මාණය කර තිබේ. එය නම්කර තිබෙන්නේ මා මාති මානුෂ් හිතේ (මව, මව්බිම හා ජනතාව හිතේ සිටී) යනුවෙනි. ගීතය නිර්මාණය කර තිබෙන්නේ රාජේශ් චක්රබෝර්ති විසිනි.
බෙංගාල ප්රාන්ත මැතිවරණයේදී මහ ඇමතිනිය නායකත්වය දෙන තෘණමූල් කොන්ග්රස් පක්ෂය සිය බලය තහවුරු කර ගැනීමට සමත් වූ නමුත් මහ ඇමතිනිය සිය අසුනෙන් පරාජයට පත් විය. ලබන 30 වැනිදා පැවැත්වෙන අතුරු මැතිවරණය සඳහා ඇය ඉදිරිපත් වන අතර එහි ප්රචාරක කටයුතු සඳහා මෙම ගීතය නිර්මාණය කර තිබේ.
මෙම ගීතය සඳහාද මේ වනවිට ඉන්දියාවේ විශාල ප්රතිචාර ලැබෙමින් තිබෙනවා.