ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් තවත් දැවැන්ත ණයක් ඉල්ලයි

මෙරට භාවිතයට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දීය රජයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මූල්‍ය ආධාරයක් ලබාගැනීමට සාකච්ඡා සිදුකරමින් පවතින බව වාර්තා වනවා.

ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ ලබාගැනීමට නියමිත මෙම ණය මුදල සඳහා වන කොන්දේසි මොනවාදැයි මෙතෙක් අනාවරණ වී නැහැ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙරට ඩොලර් සංචිත හිඟය හේතුවෙන් මේ වනවිට දැඩි ආනයන සීමා පනවා ඇති අතර ආනයනයන් සඳහා වැඩිම ඩොලර් ප්‍රමාණයක් වෙන් කෙරෙන්නේ ඛනිජ තෙල් ආනයනයේදීයි.

මෙරටට ඛනිජ තෙල් ආනයනය කිරීමේදී දීර්ඝකාලීන ණය පහසුකම් ලබාගැනීමට ඛනිජ තෙල් ලබාගන්නා රටවල් සමඟ මීට පෙර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙනවා.

ඒ මේ වනවිටත් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බරපතළ ඇමෙරිකානු ඩොලර් සංචිත අර්බුදය මගහරවා ගැනීමේ අරමුණෙන්.