විදේශ මුදල් ණය සඳහා අයදුම් කිරීමේ කාලසීමාව දිගු කෙරේ

කාලීන විදේශ විනිමය මූල්‍ය පහසුකම් සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාලසීමාව ඔක්තෝම්බර් 5 වැනි දා දක්වා දීර්ඝ කර ඇති බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඒ සඳහා සිදු කර තිබූ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් අදාළ කාලසීමාව දිගු කළ බවයි භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල සඳහන් කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙලෙස විදේශ විනිමය මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා අයදුම් කිරීමේ කාල විරාමය අවසන් වීමට නියමිත ව තිබුණේ පසුගිය 22 වැනි දා යි.

බැංකු, ආයෝජන ආයතන සහ පුද්ගලික ආයෝජකයන්ට අවම වශයෙන් ඩොලර් මිලියන 50 බැගින් වූ මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා මහබැංකුව විසින් මෙලෙස අයදුම් කැඳවා තිබුණා.

අදාළ මූල්‍ය පහසුකම් වසරක කාලයක් සඳහා බලපැවැත්වෙනු ඇති.