කොරෝනාවලට හැදූ නව නිපැයුම

කොරෝනා ඇතුළු ශ්වසන රෝගීන්ගේ ප්‍රාශ්වාස වාතය විෂබීජහරණය කිරීමට හඳුන්වා දුන් පේට්න්ට් බලපත්‍රය හිමි නව නිපැයුම මෙරට රෝහල් පද්ධතිය සඳහා නිෂ්පාදනය කිරීමේ කටයුතු විද්‍යා හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ආරම්භ කර තිබෙනවා.

ඒ අදාළ නව නිපැයුම සඳහා ආයෝජනය කිරීමට පෞද්ගලික ව්‍යාපාරික සමාගම් කැමැත්ත පළ කිරීමත් සමගයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව විදුලි උපාංග, ප්ලාස්ටික්, රබර් සහ මයික්‍රෝ තාක්ෂණය යොදා ගනිමින් මාදිලි 3ක් යටතේ නිෂ්පාදනය කෙරෙන මෙම විෂබීජනාශක උපකරණ ඉදිරියේදී මෙරට රෝහල්වලට ලබාගත හැකිවනු ඇති.

එම නිෂ්පාදන මිල කර ඇත්තේ රුපියල් 3,000සිට ලක්ෂය දක්වා වන මුදලකටයි.

මීට අමතරව තවත් නව නිපැයුම් 03ක් නිෂ්පාදනය කරමින් වාණිජකරණය සඳහා ආයෝජනය කිරීමට පෞද්ගලික ව්‍යාපාරික සමාගම් මේ වනවිට සිය එකඟතාවය පල කර තිබෙනවා.