පුරාවිද්‍යා වටිනාකමකින් යුත් චෛත්‍යයකට හානි කිරීමක්

දැදිගම පොලිස් වසමේ ඈගල්ල ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් විහාරස්ථානයක ගරා වැටුණු චෛත්‍යයකට හානි කළ සිදුවීමක් පිළිබඳ ව දැදිගම පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
විමර්ශන සිදු කර එම ස්ථානයේ තිබී පැරණි තඹ තහඩුවක්, අඟල් 1.5ක් උස ලෝහමය බුද්ධ ප්‍රතිමාවක් සහ විවිධ වර්ගයේ කාසි 26ක් ද සොයා ගත් බවයි වාර්තා වෙන්නේ.
සැකකරුවන් පිළිබඳ ව මේ වෙනතුරුත් තොරතුරු අනාවරණය වී නො මැති අතර, සිදුවීම සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ දැදිගම පොලිසිය විසින් සිදු කරනු ඇති.