36වන කොවිඩ් මරණය වාර්තා වේ

අද (09) දින 36වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.

එලෙස මියගොස් ඇත්තේ 84 හැවිරිදි කඳාන ප්‍රදේශයේ කාන්තාවකි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එම කාන්තාව පුද්ගලික රෝහලක සිට IDH රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේ දී ඇය මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

දිර්ඝ කාලයක් රෝගාතුරුව සිට ඇති ඇය මිය යාමට ආසන්නතම හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ් නිවුමෝනියා තත්ත්වය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.