හෙට ජල කප්පාදුවක්
විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් ප්‍රධාන ජල නළ මාර්ගයට කන්දෙගෙදර ටැංකිය සහ උඩුගම ජල ටැංකිය සම්බන්ධ කිරීම හේතුවෙන් 2021-09-29 වන බදාදා (හෙට) දින පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජාල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය දැනුම් දී තිබෙනවා.
ඒ අනුව ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ උඩුගම, පළාපත්වල, දොස්තරවත්ත, දුංකළවත්ත, මකුලුගහරූපප, සාප්පුවත්ත, සමන්දාව, කිරිගල්පොත්ත, නිකවල B සහ C කොටස, මාතලේ මහා නගර සභා සිමාව, A – 9 මාර්ගය, තැන්න, උඩුපිහිල්ල, අලුවිහාරය, කලුදෑවල, කොටුවේගෙදර, කුඹියන්ගොඩ, මණ්දණ්ඩාවල, රත්තොට පාර, අගලවත්ත, පාරාවත්ත, කිවුල හා විහාරපාර වේ.
මේ හේතුවෙන් පරිභෝහිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටු වන බවත්, මෙම කාලය අතරතුර ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.