පිටි හිඟයෙන් බේකරි හිමියන් අසීරුතාවක

තිරිඟු පිටි හිඟවීම හේතුවෙන් සිය නිෂ්පාදන සිදුකිරීමට නොහැකි වී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

පිටි මිල ඉහළ යන බවට වාර්තා වීමත් සමග ඇතැම් සමාගම් පිටි සඟවා ඇති බවත්, රජයේ අනුමැතියකින් තොරව තිරිඟු පිටි මිල ඉහළ දමා ඇති බවයි ඔවුන් චෝදනා කරන්නේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ වන විට වෙළඳපළේ තිරිඟු පිටි කිලෝවක් රුපියල් 87කට අලෙවි වන අතර, ඇතැම් පිටි සමාගම් එය රුපියල් 107 දක්වා ඉහළ දමා ඇති බව ද  එම සංගමය සඳහන් කළා.

මෙලෙස පිටි හිඟවීමත් සමඟ ඇතැම් ප්‍රදේශවල බේකරිවල නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවා ඇති බවට ද වාර්තා වනවා.