5600ක් සේවය කරන තවත් කර්මාන්ත ශාලාවක 159කට කොවිඩ්

හොරණ ගුරුගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ තවත් 81 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
හොරණ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී. සී. සේනාරත්න මහතා පැවසුවේ එම ආයතනයේ 159 දෙනෙකුට මේ වනවිට වෛරසය ආසාදනය වී ඇති බවය.
“හොරණ ගුරුගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ නොවැම්බර් 03 වැනිදා PCR පරීක්ෂණ 564ක් කළා. අද උදෑසන අපිට වාර්තා වුණා ඉන් 81ක් පොසිටිව් කියලා. ඒත් සමග මේ කර්මාන්ත ශාලාවේ ආසාදිත වෙච්ච මුළු සංඛ්‍යාව 159ක් දක්වා ඉහළ යනවා. ඒ මෙතෙක් ප්‍රතිඵල ලැබිලා තියෙන PCR පරීක්ෂණ 1573කින්. මේ කර්මාන්ත ශාලාව තුළ PCR 2000කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට කරලා තියෙනවා. ඒවයෙ ප්‍රතිඵල ලැබෙන්න තියෙනවා. මේ කර්මාන්ත ශාලාවේ 5600ක් පමණ සේවය කරනවා.” යනුවෙන් ද හොරණ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.සී. සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.