ලැබුණු ආරක්ෂක තොරතුර අතිශයින් බැරෑරුම් සහ වැදගත්
මෙරට දේවස්ථානවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ලැබුණු ආරක්ෂක තොරතුර අතිශයින් බැරෑරුම් සහ වැදගත් තොරතුරක් බවත් ඒ පිළිබදව අවදානය යොමු කළ යුතු බව කොළඹ අගරදගුරු මැදුරේ අද පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කෙරුණා.
ජාඇල – බෝපිටිය ශාන්ත නිකොලා දේවස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට නාවික හමුදා නිලධාරීන් සිදුකළ දැනුම් දීමක් සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති හරහා අනාවරණය කළේ ඊයේ දිනයේයි.
පසුව මේ පිළිබදව දැනුවත් කිරීම සඳහා අගරදගුරු නිවසේ අද විශේෂ මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.
එම මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ ජාතික කතෝලික ජන සන්නිවේදන කේන්ද්‍රයේ අධ්යක්ෂ ආචාර්ය සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් විසිනුයි මෙම කරුණු අවධාරණය කළේ.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර කුරුණෑගල ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් සඳහන් කළේ පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු වන සහරාන් හෂීම්ගේ ජංගම දුරකතනයේ මදර්බෝඩ් එක අතුරුදන්ව ඇති බවයි.
ප්‍රදේශ කිහිපයක අද උදෑසන සිට නාවික හමුදාව, යුද හමුදාව සහ පොලීසිය එක්ව විශේෂ වාහන සෝදිසි කිරීමක් ද සිදුකළා.
කෙසේ වෙතත් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙරට දේවස්ථානවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත අදාළ බලධාරීන් විසින් විශ්ලේෂණය හෝ තහවුරු නොකරන ලද තොරතුරක් බවයි.
මේ පිළිබදව කලබල වීමට හේතුවක් නොමැති බව ද ආරක්ෂක ලේකම්වරයා එමගින් දක්වා තිබෙනවා.