හෙට සිට රාජ්‍ය සේවය යළි සක්‍රියයි
අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන්වලට ප්‍රමුඛතාව ලබාදෙමින් හෙට සිට රාජ්‍ය සේවය යළි සක්‍රිය කිරීමට කටයුතු කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.
හෙට රට විවෘත කිරීමත් සමඟ රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ.
ඊට අදාළ සාකච්ඡාවක් ද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග ඊයේ පවත්වා තිබෙනවා.
සෞඛ්‍ය මාර්ගෝපදේශ මත අත්‍යවශ්‍යම රාජ්‍ය සේවාවන්ට වැඩි ප්‍රමුඛතාවක් ලබාදෙමින් රාජ්‍ය සේවාවේ කටයුතු පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ.
මේ සඳහා වන චක්‍රලේඛය ද අද නිකුත් කිරීමට නියමිතයි.