පෞද්ගලික බැංකුවලින් ඩොලර් නොලැබෙන බවට ආනයනකරුවන්ගෙන් පැමිණිලි
කොළඹ වරායේ සිර වී ඇති අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු බහාලුම් මුදා හැරීමට අවශ්‍ය ඩොලර් රාජ්‍ය බැංකු දෙකක් වෙත මුදා හැර තිබුණ ද පෞද්ගලික බැංකුවලින් තමන්ට අවශ්‍ය ඩොලර් නො ලැබෙන බවට ආනයනකරුවන් චෝදනා කරනවා.
වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සමඟ ඊයේ පැවති සාකච්ඡාවකදි යි ඔවුන් මේ බව කියා සිටියේ.
මේ සම්බන්ධයෙන් වන ගැටලුව වරාය අමාත්‍යවරයා එම අවස්ථාවේදී ම මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වෙත යොමු කළේ දුරකතන ඇමතුමක් ලබාදෙමින්.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ පස්වරුවේ මහබැංකු අධිපතිවරයාට උපදෙස් දුන්නේ ආනයන සීමා අවම කරමින් ආනයනකරුවන්ට, ව්‍යාපාරිකයින්ට සහ ජනතාවට සහන ලබාදෙන ලෙසයි.
එමෙන්ම ඩොලර් හිඟය හේතුවෙන් වරායේ සිර වී තිබෙන කිරිපිටි ටොන් 360ක ප්‍රමාණයක් ලබන සඳුදා වනවිට නිදහස් කරගැනීමට හැකිවේ යැයි විශ්වාස කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.