ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික සමුළුව ලබන වසරේ ශ්‍රී ලංකාවේ දී

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික සමුළුව ලබන වසරේ මැයි මස 2 වන දා සිට 5 වන දා දක්වා මෙරට දී පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ අවබෝධතා ගිවිසුම ඊයේ අත්සන් කෙරුණා.

ඒ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඊට ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි දකුණු ආසියානු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එක්ව සිටි බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

සමුළුව සඳහා සාමාජික රටවල නියෝජතයින් 3000ත්, 5000ත් අතර පිරිසක් සහභාගිවීමට නියමිතයි.

මෙවර සමුළුවේ තේමාව වී ඇත්තේ පශ්චාත් කොවිඩ් නයින්ටීන් ලෝකය සඳහා දේශගුණික විපර්යාසයන්ට අනුගත හරිත ආර්ථිකයක් ස්ථානගත කිරීම යන්නයි.