සෞභාග්‍යා ණය වාරික ගෙවීමේ සහන කාලය මාස 9 දක්වා දර්ඝ කරයි

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යළි නගා සිටුවීමේ අරමුණින් ලබාදුන් සෞභාග්‍යා කොවිඩ් 19 පුනරුද සහන ණය වාරික ගෙවීමේ සහන කාලය තවත් මාස තුනකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව ණය වාරික ගෙවීම සඳහා ලබාදුන් මාස 6ක සහන කාලය මාස 9ක් දක්වා දීර්ඝ කර තිබේ.
කොවිඩ් දෙවැනි රැල්ල හේතුවෙන් ණය ලාභීන්ට සිය ව්‍යාපාරික කටයුතු යථා තත්ත්වයට පත් කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
මෙම ණය යෝජනා ක්‍රමය යටතෙ ව්‍යාපාර 61 907ක් වෙනුවෙන් රුපියල් බිලියන 177.9කට අධික වටිනාකමින් යුත් ණය පහසුකම් පිරිනමා තිබේ.