හේමසිරිට සහ පූජිත් ජයසුන්දරට අධිචෝදනා භාරදේ

පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති ජූජිත් ජයසුන්දරට නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේදී අධිචෝදනා භාරදී තිබෙනවා.

ඒ, මීට අදාළ නඩුව  නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැදිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදියි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව විත්තිකරුවෙකුට චෝදනා 855 බැගින් අධිචෝදනා ගොනුකර තිබෙනවා.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයින් 1,215 දෙනෙකු නම් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ අනුව නඩු විභාගය එළඹෙන නොවැම්බර් මස 22 වනදා ආරම්භ කරන බව විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වාගැනීමට ක්‍රියා මාර්ග නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර මිනී මැරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.