ඉන්දියාව සහ චීනය අතර යළි උණුසුම් තත්ත්වයක්

ඉන්දියාව සහ චීනය අතර යළි උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.
ඒ ඉන්දීය දේශසිමාවේ පිහිටි නැගෙනහිර ලඩාක් ප්‍රදේශය මුල් කර ගනිමින්.
ලඩාක් ප්‍රදේශය චීනය සහ පාකිස්තානය හා ඉන්දු දේශසීමාවේ පිහිටා තිබෙනවා.
මේ වන විට චීනය සහ ඉන්දියාව එම ප්‍රදේශයේ සන්නද්ධ බලය ඉහළ නංවමින් ඇති අතර ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්ද්‍රම් භගාචි සදහන් කර ඇත්තේ, චීනය නැගෙනහිර ලඩාක් දේශසීමාවේ හමුදා සාමාජිකයන් සහ නව උපකරණ යොදාගෙන සිය හමුදා බලය ඉහළ නංවමින් සිටින බවටයි.
ඊට ප්‍රතිචාරයක් ලෙස ඉන්දියාව ද එම ප්‍රදේශයේ හමුදා බලය වැඩි කර ඇති බව ඔහු සදහන් කර තිබෙනවා.