ජපන් යුද නෞකා තුනක් කොළඹ වරායට

ජපානයට අයත් විශාලම යුද නෞකා තුනක් වන කාගා, මුරසාමේ සහ ෆුයුෂුකි නෞකා ත්‍රිත්වය අද නිල සංචාරයක් සඳහා කොළඹ වරාය වෙත සේන්දු වුණා.
මීටර 151ක දිගින් යුත් ෆුයුෂුකි නෞකාව සැපයුම් අවශ්‍යතා සඳහා මෙලෙස පැමිණ ඇති අතර, එම නෞකාව හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට අනෙක් නෞකා දෙක ළඟාවූයේ නාවික හමුදාව සමඟ පැවැත්වෙන ජා – ලාන් එක්ස් ඒකාබද්ධ නාවික හමුදා යුද අභ්‍යාසයට සහභාගිවීම සඳහායි.
ඊට එක්වන කාගා යුද නෞකාව මීටර 248 ක් සහ මුරසාමේ නෞකාව මීටර 151 ක දිගකින් යුක්ත වන අතර, සෙබළුන් 400 කට අධික පිරිසක් මේවායේ රැඳී සිටිනවා.
අදාළ යුද අභ්‍යාසය අනිද්දා බටහිර මුහුදේ පැවැත්වෙන අතර, එම අභ්‍යාසයට නාවික හමුදාවේ සාගර නෞකාවද එක්වීමට නියමිතයි.