‘මිත්‍ර ශක්ති’ අද ඇරඹේ

ඉන්දු – ලංකා යුද හමුදා අතර වාර්ෂිකව පවත්වන මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය අද ආරම්භ වනවා.

ඒ සඳහා සහභාගි වන ඉන්දීය යුද හමුදා භටයින් 120 දෙනෙකු ඊයේ මත්තල ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණි බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සඳහන් කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අම්පාර යුද හමුදා සටන් පුහුණු පාසලේදී අද ආරම්භ වන යුද අභ්‍යාසය ලබන 16 වනදා තෙක් පැවැත්වෙනවා.

දෙරටේ හමුදා අතර මිත්‍රත්වය වැඩිකරගැනීම සහ අත්දැකීම් හුවමාරුව අරමුණු කරගනිමින් වාර්ෂිකව පැවැත්වෙන මෙම යුද අභ්‍යාසය  පළමුවරට ආරම්භ කරනු ලැබුවේ 2012 වසරේදියි.