බස් ධාවනය අද සිට පුළුල් වෙයි
රට යළි විවෘත කිරීමෙන් පසු රාජ්‍ය සේවකයින් කොටස් වශයෙන් නැවත සේවයට කැඳවීමේ තීරණයත් සමඟ අද සිට ලංගම බස් වැඩි වශයෙන් ධාවනයට එක් කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළා.
තදබදයකින් තොර ව මගීන් රැගෙන යාම පහසු කිරීම සඳහා යි මෙලෙස බස් රථ ප්‍රමාණය ඉහළ දමා ඇත්තේ.
දුම්රිය ධාවන කටයුතු ද සති දෙකකට අත්හිටුවා ඇති අතර, ඒ අනුව දුම්රිය මඟින් රාජකාරි සඳහා පැමිණීමට අපේක්ෂාවෙන් සිටි රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින් සඳහා ද විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මකයි.
මේ අතර, පසුගිය සිකුරාදා රට යළි විවෘත කිරීමෙන් අනතුරු ව ඇතැම් බස් රථවල නිරෝධායන නීතිරීති කඩකරමින් මඟීන් රැගෙන යන ආකාරයක් දක්නට ලැබුණා.
එලෙස නිරෝධායන නීති රීති කඩකරන බස් රථ සොයා විශේෂ වැටලීමක් අද සිට ක්‍රියාත්මක බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළේ.
නිරෝධායන නීතිරීති කඩකරමින් ආසන ධාරිතාව ඉක්මවා මඟීන් ප්‍රවාහනය කරන බස් රථ පොලිස් භාරයට ගන්නා ලෙසට පොලිස්පතිවරයා දැනුවත් කිරීමට ද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කටයුතු කර තිබෙනවා.
ඒ අනුව අද සිට පොලිස් භාරයට ගන්නා බස් රථවල බලපත්‍ර අහෝසි කිරීමට අමතර ව පොලිස් භාරයෙන් බස් රථ නිදහස් කිරීමද සිදු නො කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.