අද සිට දින පහක් පාර්ලිමේන්තුව රැස් වෙයි

අද සිට අඛණ්ඩ ව දින 05ක් පාර්ලිමේන්තුව රැස්වනවා.
අද විශේෂ පාර්ලිමේන්තු දිනයක් වන අතර, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය කාලයේ පාර්ලිමේන්තු නියමිත ලෙස රැස්වීමට නො හැකි වුණා.
ඒ හේතුවෙන් ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට නො හැකි වූ ප්‍රශ්න සඳහා අද අවස්ථාව ලබාදීමටයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත්තේ.
එමෙන්ම හෙට දින මුදල් හා බදු සම්බන්ධ නියෝග හා රෙගුලාසි කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය අනිද්දා පැවැත්වෙනවා.
බලශක්ති අමාත්‍ය නීතීඥ උදය ගම්මන්පිල ඉදිරිපත් කර ඇති මෙම පනත් කෙටුම්පත මඟින් මෙරට දේශීය තෙල් හා වායු ගවේෂණය සහ නිෂ්පාදන කර්මාන්තය කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම, අර්ථ නිරූපණය කිරීම නියමිත පරිදි සිදු වනු ඇති.
මේ අතර, ලබන වසර සඳහා ඉදිරිපත් කෙරෙන අයවැය යෝජනාව නොවැම්බර් මස 12 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඊට අදාළ විසර්ජන පනත් කෙටුම්පත ද අද ආරම්භ කෙරෙන පාර්ලිමේන්තු සතියේ දී මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති.