කිරිපිටි ආනයනකරුවන් තවමත් බලාපොරොත්තුවෙන්
අද දිනය තුළ දී සිය ගනුදෙනු සිදු කරන බැංකුවලට මහ බැංකුවෙන් ඩොලර් විනිමය ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.
එහි සාමාජික ලක්ෂ්මන් වීරසූරිය සඳහන් කළේ, ඒ අනුව කොළඹ වරායේ සිර වී ඇති කිරිපිටි තොග නිදහස් කර ගැනීමට හැකි වනු ඇති බව යි.
ඊයේ දිනයේ දී අදාළ බැංකුව වෙත ඩොලර් විනිමය ලබා දෙන බවට ප්‍රකාශ කර තිබුණ ද ඊයේ එම බැංකු වෙත මුදල් ලැබී තිබුණේ නැහැ.
අද දිනය තුළ තමන් ගනුදෙනු කරන බැංකු 3ට මෙම මුදල් ලැබුණහොත් ඉදිරි දින දෙක තුළ දී කිරිපිටි තොග නිදහස් කර ගැනීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
පසුගිය දිනවල මතු වූ ඩොලර් අර්බුදයත් සමඟ කොළඹ වරායේ කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහලුම් රැසක් සිර වී තිබූ අතර අග්‍රමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබුණේ එම බහලුම් මුදා හැරීමට කඩිනම් පියවර ගන්නා ලෙසයි.
ඒ අනුව මහබැංකු අධිපතිවරයා විසින් පසුගිය දා රාජ්‍ය බැංකු දෙකකට ඩොලර් මුදා හැරීමට පියවර ගත්තා.
කෙසේ වෙතත්, ආනයනකරුවන් ඉල්ලා සිටියේ, පෞද්ගලික බැංකු වෙතින් ද ඩොලර් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙසට යි.
ඒ අනුව අද දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලර් විනිමය වානිජ බැංකු වෙත යොමු කරනු ඇති බවයි වාර්තා වන්නේ.
මෙම තත්ත්වය හමුවේ කොළඹ වරායේ සිර වී තිබූ කිරිපිටි මෙටි්රක් ටොන් 360ක් නිදහස් කර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇති.