පැන්ඩෝරා හෙළිදරව්ව ගැන සජිත් ආණ්ඩුවේ ප්‍රතිචාරය විමසයි

පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය වී තිබෙන මෙරට පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම රටට හෙළදරව් කළයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙය අතිශය බරපතළ තත්ත්වයක් බව සඳහන් කරන විපක්ෂ නායකවරයා, මේ දක්වාත් ආණ්ඩුව ඒ පිළිබඳව කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බව සඳහන් කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම බරපතළ හෙළිදරව්ව පිළිබඳව ආණ්ඩුවේ වගකිවයුත්තන්ගේ නිද්‍රාශීලී පිළිවෙත අතිශයින්ම කනගාටුදායක බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කර තිබේ.

මේ අතර ඊයේ පාර්ලිමේන්තුවේදීත් පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවී තිබුණි.