වසර 2050 දී කෝටි 500කට ජල හිඟයක්

වසර 2050 වනවිට ලෝකවාසීන් බිලියන 05කට පමණ ජල හිඟයක් ඇතිවිය හැකි බවට ජගත් සංවිධානය අනතුරු අඟවනවා.

එමඟින් පෙන්වා දෙන්නේ දැනටමත් බිලියන 3.6ක් ජනතාවට අවම වශයෙන් වසරකට මාසයක් ජලයට ප්‍රමාණවත් ප්‍රවේශයක් නොමැති බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ සංවිධානය මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ කාලගුණ වෙනස පිළිබඳ ස්කොට්ලන්තයේ පැවැත්වීමට නියමිත ගෝලීය සමුළුවට පෙරවදනක් ලෙසින්.

වර්ධනය වෙමින් පවතින ජල අර්බුදය පිළිබඳව අවදි විය යුතු කාලය එළැඹ ඇති බවයි ලෝක කාලගුණ සංවිධානයේ ප්‍රධානී පෙටරි ටාලාෂ් සඳහන් කළේ.

ලෝක කාලගුණ සංවිධානය පෙන්වා දෙන්නේ, පසුගිය විසි වසර තුළ පොළව මතුපිට, භූගතව හිම හෝ අයිස් ලෙස පවතින ජල මට්ටම් වසරකට සෙන්ටි මීටරයකින් පමණ පහත වැටී ඇති බවයි.

ඇන්ටාර්ක්ටිකාවේ සහ ග්‍රීන්ලන්තයේ මෙම ජල හානිය විශේෂයෙන් දක්නට ලැබෙනවා.

මිහිමත ඇති ජලයෙන් පිරිසිදු ජලය ලෙස භාවිතයට ගත හැකි වන්නේ සියයට දශම පහක් පමණක් නිසා ජල සුරක්ෂිතතාව පිළිබඳව අවධානයෙන් කටයුතු කළ යුතු බවටයි ලෝක කාලගුණ සංවිධානයේ ප්‍රධානියා පෙන්වා දෙන්නේ.