සිංහල සහෝදරයින් සමඟ ජාතික ප්රවාහයේ එක්වී ජීවත්වන මාවත,විවෘතවිය යුතුය : මනෝ ගනේෂන්
සිංහල සහෝදරයින් සමඟ ජාතික ප්රවාහයේ එක්වී ගෞරවාන්විතව ජීවත්වන මාවත, අපට විවෘත කළ යුතුය . මනෝගේ ප්‍රධානත්වයෙන් දමිළ ප්රගතිශීලී සන්ධානය ඉන්දියානු රජයට කියයි
අපි, සිංහල සහෝදරයින් සමඟ ජාතික ප්රවාහයේ එක්වී, ඒකීය ශ්‍රීලංකාව තුළ ගෞරවාන්විතව ජීවත් වීමටයි බලාපොරොත්තු වන්නේ. ඒ සඳහා වන මාවත, ඉන්දු-ශ්‍රී ලංකා රජයන් අතර පැවැත්වෙන සාකච්ඡා විවෘත කළ යුතුය.
සිරිමා සාස්ත්‍රී ගිවිසුමේ හරය අනුව ශ්‍රීලංකාවේ අනෙකුත් පුරවැසියන් භුක්ති විඳින අයිතිවාසිකම්, ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හිමි කඳුරට දමිළ පරම්පරාවට ද ලැබිය යුතුයි. නමුත්, වතුකරයේ ජීවත් වන දමිළ කම්කරුවන්ගේ පවුල්වලට විකල්ප රැකියා සඳහා ඉඩම් අයිතිය ප්‍රතික්ෂේප කෙරේ. වසර 60 කට පසුවත් පවතින වාතාවරණය ගැන ශ්‍රී ලංකා රජය සමඟ කතා කරන්න. මෙම ජනතාව කෙරෙහි ඉන්දීය රජයට වගකීමක් ඇති බව අපි විශ්වාස කරනවා.
13වන සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුයි. පළාත්සභා මැතිවරණය කඩිනම් කළ යුතුයි. ඒවගේම, 16වන සංශෝධනයද මුළුමනින්ම ක්‍රියාත්මක කරමින්, දමිළ භාෂාවේ ගෞරවය සහතික කළ යුතුයි.
දමිළ ප්රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් සහ නියෝජ්‍ය නායකයින් වන පලනි තිගාම්බරම්, වී. රාධාක්‍රිෂ්ණන්, මහලේකම් චන්ද්‍රා සාප්ටර් යන අය ඇතුලුව නියෝජිත කණ්ඩායම ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්දන් ශිරුන්ග්ලා හමුවී සාකච්ඡා කළා. ඉන්දියා නිවසේදී සිදුවුනු මෙම හමුවීමේ දී ඉන්දීය තානාපති ඇතුළු නිලධාරීන් සිටියා.
16 වන සංශෝධනය මුළුමනින්ම නොසලකා හැර තිබේ. මෙම සංශෝධනය මගින්මයි දමිළ භාෂාව පරිපාලන භාෂාවක්, අධ්‍යාපන භාෂාවක් සහ අධිකරණ භාෂාවක් ලෙස පිළිගැනීමට ලක් වූයේ.
13 වැනි සංශෝධනය සහ 16 වැනි සංශෝධනය යන දෙකම ඉන්දු ලංකා ගිවිසුම හරහායි ශ්‍රීලංකා ව්‍යවස්ථාවට ඇතුළත් වුණේ. එම නිසා මේවා සම්බන්ධයෙන් ඉන්දීය රජයට වගකිම් ඇති බව අපි විශ්වාස කරනවා.
සිරිමා සාස්ත්‍රී ගිවිසුමේ හරය අනුව ශ්‍රීලංකාවේ අනෙකුත් පුරවැසියන් භුක්ති විඳින අයිතිවාසිකම්වලට සමාන අයිතිවාසිකම්, ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හිමි කඳුරට දමිළ පරම්පරාවට ද ලැබිය යුතුයි. ශ්‍රීලංකාවේ වඩාත්ම පසුගාමී කොටස වන වතුකරයේ ජීවත් වන දමිළ කම්කරුවන්ගේ පවුල්වලට විකල්ප වෘත්තීන් සඳහා ඉඩම් අයිතිය අහිමි වෙමින් පවතිනවා. සිංහල සහෝදරයින් සමඟ ජාතික ප්රවාහයේ එක්වී, ඒකීය ශ්‍රීලංකාව තුළ ගෞරවාන්විතව ජීවත් වීමටයි බලාපොරොත්තු වන්නේ. ඒ සඳහා වන මාවත, ඉන්දු-ශ්‍රී ලංකා රජයන් අතර පැවැත්වෙන සාකච්ඡා විවෘත කළ යුතුය.
1964වන වසරේ දී සිරිමා ශාස්ත්‍රී ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව වසර 60 කට පසුවත් පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රීලංකා රජය සමඟ කතා කරන්න. මේවගේ ම තමයි 1987 වසරේ ඉන්දු ලංකා ගිවිසුමද මුළුමනින්ම ක්‍රියාත්මක වන්නේ නැහැ. මේවා සම්බන්ධයෙන් ඉන්දීය රජයට වගකිම් තිබෙනවා. ඉන්දියානු රජයට ඇති වගකීම්වලට අනුව මෙම කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමඟ රාජ්‍ය තාන්ත්‍රිකව කතා කරන ලෙස අපි ඉන්දීය රජයෙන් ඉල්ලා සිටිනවා.