මෛත්‍රී අලුත් වැඩකට සෙට් වෙයි! ආණ්ඩුවේ කැරලිකාර පිල ශ්‍රීලනිප මූලස්ථානයට කැඳවයි!
යුගදනවි විදුල බලාගාරය අමෙරිකාවට පැවරීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා අද දහවල් 2ට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරීසේන මහතා විසින් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානය වෙත කැඳවීමට පියවර ගෙන ඇත.
මෙම සාකච්ජාව අද දහවල් 2ට පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මේ සදහා වෘත්තීය සමිති නියෝජිතයන්ටද ආරාධනා කර ඇති බව දැනගන්නට ඇත.
ඊයේ දිනයේ මෛත්‍රීපාල සිරිසේන මහතා අභයාරාමයේ පැවැති ගුරු ගැටලුව සම්බන්ධයෙන් සාකච්ජා වූ සර්ව පාක්ෂික සමුලුවට සහභාගී වීමටද පියවර ගෙන තිබිණ.