සෞඛ්‍ය සංවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 110 ක්
සෞඛ්‍ය පද්ධති වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ අතිරේක මූල්‍යකරණය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 110 ක මූල්‍යාධාරයක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
එම අරමුදල් කොරෝනා කළමනාකරණය කිරීමේ හදිසි මූල්‍ය අවශ්‍යතා සඳහා ප්‍රතිපාදන සපයා ගැනීමට මෙන්ම සැලසුම් කළ කටයුතු සම්පූර්ණ කිරීම ඇතුළු සෞඛ්‍ය පද්ධතියේ වැඩි දියුණු කිරීම වෙනුවෙන් යොදා ගැනීමට නියමිතයි.
මීට අදාළ ගිවිසුමට මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්යක්ෂවරයා අද අත්සන් තැබුවා.