ෆොස්පේට් බෙදාහැරීම, රාජ්‍ය පොහොර සමාගම්වලට පැවරීමේ තීරණයක්

රාජ්‍ය පොහොර සමාගම්වලට ෆොස්පේට් පොහොර බෙදාහැරීමේ බලය ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එම අමාත්‍යාංශය නිවේදනය කළේ ෆොස්පේට් සමාගමේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් මෙම උපදෙස් ලබාදී ඇති බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ෆොස්පේට් පොහොර බෙදා හැරීමේ නිල ඒජන්තවරුන් ලෙස රාජ්‍ය පොහොර සමාගම් දෙක යොදාගෙන ගොවි ජනතාවට සාධාරණ මිලකට පොහොර ලබාදීමේ වැඩසටහනක් සකස් කරන ලෙසට අමාත්‍යවරයා විසින් සමාගමේ කළමනාකාරිත්වයට උපදෙස් ලබා දී තිබෙනවා.

නව ක්‍රමෝපායන් අනුගමනය කරමින් සමාගමේ ආදායම වැඩිකර ගැනීම පිළිබඳවයි එහිදී අවධානය යොමුව ඇත්තේ.

ඒ අනුව, දැනට අක්‍රියව ඇති වාරියපොළ පොහොර බෙදා හැරීමේ ආයතනයේ සේවකයින් ප්‍රධාන පොහොර නිෂ්පාදනාගාරයට අනුයුක්ත කර එහි කටයුතු කාර්යක්ෂම පවත්වා ගැනීමෙන් වැඩි ආදායමක් ඉපයිය හැකි බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත්තේ.