කොටස් වෙළඳපොළ මිල දර්ශක යළි ඉහළට
කොළඹ කොටස් වෙළඳපොළේ සමස්ත මිල දර්ශකය ඊයේ නැවතත් ඉතිහාසයේ ඉහළම අගය සලකුණු කළා.
එය ඊයේ 9671ක් ලෙස සටහන් වූයේ බදාදා අත්කර ගත් 9626.45ක වාර්තාව අභිබවමින්.
ඊට පෙර සමස්ත දර්ශකය පසුගිය සඳුදා ප්‍රථමවරට 9500 සීමාව ඉක්මූවා.
ප්‍රධාන පෙළේ සමාගම් විස්ස නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා දර්ශකය ද ඊයේ 3616.95ක් දක්වා ඉහළ ගියා.
කොටස් වෙළඳපොළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 3.9ක්.