GMOA වෙත අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීමට නියෝග

හැකි ඉක්මනින් අතුරු පාලක මණ්ඩලයක් පත්කොට නව නිලධාරී මණ්ඩලයක් තාවකාලිකව පත්කර ගන්නා ලෙසත් ඉන් පසුව නැවත නාමයෝජනා කැඳවා නිලවරණය පවත්වන ලෙසත් සඳහන් කරමින් මොරටුව දිසා අධිකරණය රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයට නියෝගක් නිකුත් කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විධායක සභාවේ බලය පසුගිය ජුනි මස 26 වැනි දා අහෝසි වන ලදී.. ඉන්පසුව ඔවුන් කොළඹ දිසා අධිකරණයෙන් ලද අතුරු නියෝගයක් මත තාවකාලිකව බලයේ රැඳී සිටියේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කෙසේ වෙතත් මොරටුව දිසා අධිකරණයේ ගොනු කළ නඩුවක් අනුව ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය අත්හිටුවා තිබිණි.