දැව ප්‍රමිතියත් සහතික වෙයි
ඉතිහාසයේ ප්‍රථම වරට මෙරට භාවිතයට ගැනෙන දැවවල ප්‍රමිතිය සහතික කිරීම සඳහා කටයුතු සූදානම් කර තිබෙනවා.
ඒ, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු, ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්.
එහි ලේකම් විජිත බණ්ඩාරනායක හිරු ප්රවෘත්තී අංශයට කියා සිටියේ, මෙරට දැව අපනයනයේදී දැව ව්‍යාපාරිකයින් මුහුණ දෙන දුෂ්කරතා සහ ආනයනික දැව මෙන්ම මෙරට දැව භාවිතයේදී පාරිභෝගිකයින් මුහුණ දෙන අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බවයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විශේෂඥ කණ්ඩායමක් විසින් එම ප්‍රමිතිකරණ කටයුතු සිදු කරන අතර ඊට අදාළ පර්යේෂණාගාරය සඳහා අවශ්‍ය සියලු උපකරණ මේ වන විට මිල දී ගෙන තිබෙනවා.
ඒ අනුව වහල සඳහා යොදා ගැනෙන දැව, ගෘහ භාණ්ඩ ඇතුළු සියලු ආනයනික හා දේශීය දැව නිෂ්පාදන මේ යටතේ ප්රමිතීකරණයකට ලක් වෙනු ඇති.