ටෙලිෆොනේ ඔප්පුව මගේ අතේ – ඩයනා (වීඩියෝ)
තමාව සමගි ජන බලවේගයෙන් නෙරපා දැමු බවට පක්ෂ මහලේකම්වරයා විසින් තමාව දැනුවත් නොකිරීම ලැජ්ජාවට කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පවසයි.
අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇය මේ බව පවසා සිටියාය.
ඩයනා ගමගේ මහත්මිය පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා දැමීමට ඊයේ (07) පැවැති සමගි ජන බලවේග කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසා තිබුණි.