විපක්ෂයේ කිසිදු ජාතික නායකයෙක් නැහැ : සුමන්තිරන්
අද වන විට විපක්ෂයේ කිසිදු ජාතික නායකයෙක් නැතැයි දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා සඳහන් කරයි.
අද රටට ජාතික නායකත්වයක් අලුතින් ගොඩනැගීමේ උවමනාවක් මතුවී තිබෙන බව ද ඔහු පෙන්වා දෙයි.
යහපාලන ආණ්ඩුව උතුරේ ජනතාවට වගකීම් ඉටු නොකළ නිසා තමන් කෙරෙහි ද ඔවුන් කලකිරී ඇතැයි මන්ත්‍රීවරයා පවසයි.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් ගෙන් පසු පක්ෂ නායකත්වයට තමන් ද සුදුසු බව සුමන්දිරන් වැඩිදුරටත් කියා සිටී.
රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවක දී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත.