පාන් මිලත් ඉහළට
පාන් මිල අද (11) රාත්‍රියේ සිට වැඩි කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
ඒ අනුව ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 5කින් මිල ඉහළ ගොස් ඇත.
තිරිඟු පිටි, ගෑස් සහ බේකරි නිෂ්පාදන සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් පාන් ගෙඩියක මිල ඉහළ දැමීමට පියවර ගත් බව එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේය.
කෙසේවෙතත් සෙසු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමක් සිදුනොවන බව ඔහු සඳහන් කළේය.