ලෝකයේ හොඳම රටවල් 5 අතරට ලංකාව …

ලොව සංචාරය කළ හැකි හොඳ ම රටවල් 20න් මුල් 5 අතරට ශ්‍රී ලංකාවත් එක්ව ඇති අතර Conde Nast Traveler සඟරාව විසින් පවත්වනු ලැබූ Readers’ Choice 2021 ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාවට 5 වන ස්ථානය හිමිව තිබේ.
ඒ අනුව පළමු ස්ථානයට පත්ව ඇත්තේ පෘතුගාලයයි. නවසීලන්තය, ජපානය සහ මොරොක්කෝව යන රටවල් පිළිවෙළින් 2, 3, 4 යන ස්ථාන හිමිවී ඇත.
ශ්‍රී ලංකාව ලෝකයේ හොඳ ම සුවතා ගමනාන්තයක් ලෙස ද තෝරා ගැනුණි.
ලොව පුරා ව්‍යාප්තව පවතින Conde Nast Traveler සඟරාව සිය පාඨකයන්ගේ තේරීම මත මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබේ.
පසුගිය වසරේදී ද Condé Nast Traveler සඟරාව පැවැත් වූ Readers’ Choice ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව හොඳ ම ගමනාන්තයක් ලෙස ශ්‍රේණිගත කිරීම් කර තිබිණි.