මල්ලවපොර උප සභාපති නොර්වේහිදී අතුරුදන් වෙලා
ලෝක මල්ලවපොර ශූරතා තරගාවලිය සඳහා නොර්වේ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ ඩොනල්ඩ් ඉන්ද්‍රවංශ මහතා සිය ක්‍රීඩා කණ්ඩායම හැරදමා අතුරුදන් වී තිබෙනවා. ඔහු ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ උප සභාපතිවරයෙකුද වේ.
නෝර්වේහිදී අතුරුදන් වූ මෙම නිළධාරියා සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය හරහා පුළුල් විමර්ශනයක් සිදු කරන බවයි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසන්නේ.
2019 අංක 24 දරණ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව ‘ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය’ වෙත අදාල නිළධාරියා පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. මේ සම්බන්ධව ජාත්‍යන්තර මල්ලවපොර සම්මේලනයටත්, නෝර්වේ මල්ලවපොර සම්මේලනයටත් දැනුම් දී තිබෙන අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය විසින් පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.
තරගාවලියට සහභාගීවීම සඳහා ලබාදුන් මුදල්ද අදාළ කළමනාකරවරයා විසින් රැගෙන ගොස් ඇත්දැයි එහිදී විමර්ශනය කිරීමෙන් අනතුරුව මේ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි අමල් එදිරිසූරිය මහතා පවසන්නේ.