21 අපි එන්නෙ නෑ! විදුහල්පතිවරු අධ්‍යාපන ලේකම්ට දැනුම් දෙයි!

ලබන 21 වැනි දා පාසල් විවෘත කළ ද විදුහල්පතිවරුන් සේවයට වාර්තා නොකරන බව ලංකා විදුහල්පති සංගමය අධ්‍යාපන ලේකම්වරයාට ලිඛිතව දන්වා තිබේ.
ගුරුවරන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටළුවට තවමත් විසඳුමක් නොලැබී ඇති හෙයින් එම තීන්දුව ගත් බව ද ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා අධ්‍යාපන ලේකම්වරයා යවා ඇති ලිපියේ සඳහන් වෙයි.
ජාතික හා පළාත් සභා පාසල්වල සේවය කරන ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ විදුහල්පතිවරුන් නියෝජ්‍ය විදුහල්පතිවරුන් සහ සහකාර විදුහල්පතිවරුන් එම තීන්දුව ක්‍රියාත්මක කරන බව ද එම ලිපියේ සඳහන් වේ.