ඇමෙරිකාවේ හිටපු ජනපති බිල් ක්ලින්ටන් රෝහල්ගතකරයි

ඇමෙරිකාවේ හිටපු ජනපති – බිල් ක්ලින්ටන් කැලිෆෝනියාවේ රෝහලක ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

ඒ, කොවිඩ්-19 නොවන ආසාදනයක් හේතුවෙන් බව ඔහුගේ ප්‍රකාශයෙකු පවසයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ වන විට 75 වියේ පසුවන ක්ලින්ටන් ගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

හෘද රෝගියෙකු වන ක්ලින්ටන්, රෝහල්ගත කර ඇති හේතුව නිශ්චිත වශයෙන් මේ දක්වා හෙළිදරව් වී නැති නමුත්, ඔහු වෛද්‍ය නිරීක්ෂණ යටතේ තවදුරටත් සිටීමට නියමිතයි.